94 හැවිරිදි සිව්දරු මවක් ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂාව විභාගයට පෙනි සිටියි….

සැදැ සමය ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් (06) සහ (07) දින මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාලයේදි ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරික්ෂණ විභාගයකට පෙනි සිට ඇත.

ඇය නමින් විතානගේ ලිලාවත් ඇස්ලින් ධර්මරත්නයි , 1928 පෙබරවාරි 15 දින උපත ලද ඇය දැනට නාවලපිටිය මිල්ලැව ප්‍රදේශයේ බාල දියණියගේ නිවසේ පදිංචිව සිටියි.

ඉංග්‍රිසි ගුරුවරියෙකු වශයෙන් සහ නොතාරිස්වරියක් වශයෙන් සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන එම මාතාවගේ වැඩිමහල්  දියණිය බස්නාහිර පලාතේ සෞඛ්‍යය අධ්‍යක්ෂකවරිය වශයෙනුත්, දෙවන දියණිය ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයක මහචාර්යවරියක් වශයෙනුත් , තුන්වන සහ සිව්වන දියණියන් උපාධිය ලබා දැනට රජයේවල නිරතව සිටියි.

94 හැවිරිදි වයසේ පසුවන එම දිරිය මාතාවගේ එකම අපෙක්ෂාව ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා විභාගයෙන් සමත් වි ඒ පිලිබදව පශ්චාත් උපාධිය ලබා ගැනිමය.

එම දිරිය මතාව පිලිබදව තොරතුරු සොය අප නාවලපිටිය මිල්ලැව ප්‍රදේශයේ ඇය පදිංචි නිවසට යන විටත් ඇය විභාගය සදහා පොත පත පරිශිලනය කරමින් සිටි අයුරු අපට දක්නට හැකි විය.

කුඩා පුස්තකාලයකින් සමත්විත එම මතාවගේ කාමරය බුදු මැදුරකින්ද සමන්විත වන අතර එම මාතව ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව පිලිබදව හදැරිමට සහ පොත පත පරිශිලනය කිරිමට දැඩි උන්නදුවකින් කටයුතු කරන මාතාවක් බව එහි ගිය අපට දක්නට ලැබුණි.

විභාගය සදහා ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව පොත් පත් පරිශිලනය කරමින් සිටි ඇය එයට බාධාවක් නොකර ගනිමින් අප සමග මෙසේ අදහස් දැක් විය.

මම විතානගේ ලිලාවත් ඇස්ලින් ධර්මරත්න, මම ඉපදුනේ රයිගම් කොරලේ මිල්ලැව ප්‍රදේශයේ.

ඊට පස්සේ මම රැකියාවත් සමග නාවලපිටිය ප්‍රදේශයට ආවා. මම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක් මම.

මට දැන් 94 යි , මම ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂාව උපාධියක් කරනවා.

ශ්‍රි සුමංගල ගුණානුස්මරණ විදයෝදය විශ්ව විද්‍යාලයෙන්.

මට මාස හය හතකට කලින් බරපතල ශල්‍යකර්මයක් සිදු කලා, ඒනිසා මට එක තැන ඉන්න වුණා ගොඩාක් කල්.

ඒ අවස්තාවේ මම හිතුවා අනුන්ගේ දේවල් ගැන හිත හිත ,වෛර කර කර , ව්‍යාපාරය පවත්ව පවත්ව කදුළු හල හල  ඉන්න එක හොද නැ , හොද මනුස්ස ජිවිතයක් මට ලැබිලා තියෙන්නේ කියලා.

මම සියළුම කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න ඕනි , මම වයසයි , ළමයි මට සලකන්නේ නැ කියලා හිතන්නේ නැතුව හිත එක තැනකට යොමු කරගෙන කටයුතු කරන්න කියලා .

මට මේ විභාග කරලා දැන් රැකියාවක් , පඩි වැඩි කර ගන්න , විශ්‍රාම වැටුප වැඩි කරගන්න මුකුත් කරන්න බැ. ඒවා මට වැඩකුත් නැ .

මම හිතනවා මම පාලි භාෂාව දන්නවා කියලා , ත්‍රිපිඨකය , අර්ථ කතා පොත් කිය වන්න දන්නවා.  එහෙම හිතන්නේ මමනේ.

ඒක ඇත්තටම දන්නවද කියලා මම දැන ගන්න ඕනි, විභායක් කරාම මට දැන ගන්න පුළුවන්නේ මම ඒක දන්නවා කියලා නැත්තම් ඒක දියුණු කරන්න පුළුවන්නේ.

මට හැමදෙයක්ම හොදට මතකයි, ඒ මොකද මම වැඩක් කරනකොට ඒ වැඩේ ගැන පමණයි හිතන්නේ.

මම මට අනවශ්‍යය දේවල් ගැන හිතන්නේ නැ , මටත් වේලාවකට හිතෙනවා මට මෙච්චර මතක හිටින්නේ කොහොමද කියලා.

මැහුම් ගෙතුම් සම්බන්ධයෙන්මට සම්පුර්ණ විද්‍යාත්මක දැනුමක් තියෙනවා.

පාලි භාෂාවට අවධානය යොමු කලේ මම බුද්ධ ධර්මයට ඉතාමත් ගරු කරන කෙනෙක්.

ලිඛිතව තියෙන පාලි භාෂාව ව්‍යාකරණ නිති අනුව මෙකේ තේරුම් මොකක්ද , කියන තැන මට අසිරු වෙනවනේ අන්න ඒ නිසා තමයි මම පාලි භාෂාව ඉගෙන ගන්නේ.

ඒක මම ඊලග උපාධිය දක්වාම කරනවා මම ජිවතුන් අතර හිටියොත්.

පාලි සහ බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයෙන් තමයි මම උපාධිය කරන්න යන්නේ.

පාලි අධ්‍යන ශ්‍රාස්තපති (එම්.ඒ) උපාධිය.

මම විභාගයක් කරනවා කියලා හිතේ තියා ගන්න ඕනි, මම ඒක කරනවා කියලා අරමුණක් තියෙන්න ඕනි.

විභාගයක් කියන්නේ අභියෝගයක් , මම තරුණ පරපුරට කියන්නේ කවදාවත් මනුෂ්‍යත්වය පහලට දාන්න එපා , මනුෂ්‍යන්ට බැරි දෙයක් නැ.

දේවියන්ට කරන්න බැරි දේවල් මනුස්සයන්ට කරන්න පුළුවන්. යනුවෙන් පැවසිය.

බාල දියණිය සමග මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාලයේ විභාගය සදහා පෙනි සිටිමට ගිය ඇයට විශේෂ ශාලාවක් ලබාදිමටද ශාලාධිපතිවරයා කටයුතු කර තිබුණි

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Recent Posts

Test Post

Test content

21 hours ago

Onlayn Kasino Oynamaq Üçün Betandreas Saytina Daxil Olun: Şans Ele!

Onlayn Kasino Oynamaq Üçün Betandreas Saytina Daxil Olun: Şans Ele! Table Betandreas Saytında Onlayn Kasino Oyunları Nələr Mövcuddir? Onlayn Kasino…

1 day ago

Test Post

Test content

1 day ago

Gioca al Casinò Online con VeloBet: Guida per i Giocatori Italiani

Gioca al Casinò Online con VeloBet: Guida per i Giocatori Italiani Table Of Contents Come Registrarsi su VeloBet Casino: Una…

2 days ago

Erleben Sie WinBay Casino in Ihrer Nähe: Online-Casino Spielen in Deutschland

Erleben Sie WinBay Casino in Ihrer Nähe: Online-Casino Spielen in Deutschland Table Of Contents Entdecken Sie die Welt von WinBay…

2 days ago

Disfruta de 8ball-pool.org.es y juega al casino en línea en España

Disfruta de 8ball-pool.org.es y juega al casino en línea en España Table Of Contents Descubre la emoción del casino en…

2 days ago