Categories: Health & FitnessNews

කොවිඩ් 19 : Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?

මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී.

එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මතු නොවූ බවය.

මේ එන්නත කුමක් ද? කෙතරම් ඵලදායක ද?

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරවයි.

මෙය RNA ගණයට අයත් නව එන්නත් වර්ගයකි. ඒ සඳහා භාවිත කෙරෙන්නේ වෛරසයේ ජාන කේතයෙන් වෙන් කර ගත් ඉතා කුඩා කොටසක් පමණි. එම කොටස ඔබේ සිරුර තුළ ක්‍රියාත්මක වීමෙන් වෛරසයේ කොටසක් තනනු ලබන අතර එය පිටස්තරයෙකු ලෙස හඳුනා ගනිමින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කරන්නට පටන් ගනී.

මෙම එන්නත මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන අතර එම මාත්‍රා දෙක අතර සති තුනක කාල පරතරයක් තබා ගැනේ.

මූලික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත ලබා දුන් පිරිසෙන් 90%කට වැඩි දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ බවය.

මෙම වර්ගයේ එන්නතක් මීට පෙර භාවිත කර තිබේ ද?

RNA ගණයට අයත් එන්නතක් මිනිසුන් සඳහා භාවිත කිරීමට මෙතෙක් අනුමත වී නොමැත.

නමුත් මෙම සංකල්පය පිළිබඳව පර්යේෂණ පවත්වා වෙනත් රෝග සඳහා නිපදවූ එන්නත් සායනික අත්හදා බැලීම් සඳහා මිනිස් දේහය මත භාවිත කර තිබේ.

නව එන්නත මුලින්ම ලැබෙන්නේ කාට ද? කවදා ද?

කොවිඩ් 19 වැඩිපුරම මාරාන්තික වී ඇත්තේ වයසින් වැඩි පුද්ගලයන්ට බැවින් මෙම එන්නත ලබා දීමේ දී වයස්ගත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. එම නිසා වැඩිහිටි නිවාසවල වෙසෙන්නන් සහ ඒවාහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් සිටිති. මීළඟට සිටින්නේ රෝහල් සේවකයන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි.

අනතුරුව වයස් කාණ්ඩය පදනම් කර ගනිමින් ජනතාව ලැයිස්තුගත වන අතර වයස අවුරුදු 50ට අඩු පිරිස ලැයිස්තුවේ පහළින් සිටිනු ඇත.

සියලු කටයුතු සාර්ථකව සිදු වුවහොත්, එළැඹෙන නත්තලට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබා දීම සිදු විය හැකි බවට අපේක්ෂිතය.

ඉහත සඳහන් වන්නේ එක්සත් රාජධානිය සැලසුම් කර ඇති ආකාරය යි. එක් එක් රටවල් විවිධ සැලසුම් අනුව කටයුතු කළ හැකිය.

කෙසේ නමුත් මෙම එන්නත බෙදා හැරීමේ දී සහ තොග ගබඩා කර තබා ගැනීමේ දී විශේෂිත වූ අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.

මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 80ක (-80C) අගයක් පවත්වා ගනිමින් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදු කළ යුතු වීම එම අභියෝගය යි.

දීර්ඝ කාලීන ආරක්ෂාවක් ලැබේ ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට හැකියාවක් නැත. එය නිශ්චිතව දැන ගැනීම සඳහා යම් කාලයක් ගත වනු ඇත.

ප්‍රතිශක්තිය වැඩි කාලයක් රඳා නොපවතී නම් මෙම එන්නත වසරක් පාසා ලබා ගැනීමට සිදු වනු ඇත.

මෙම එන්නත මගින් සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන් එක හා සමානව ආරක්ෂා කරන්නේ ද යන්න තවමත් දත්ත මගින් පැහැදිලි වී නැත.

නමුත් මූලික අධ්‍යයනවලින් යෝජනා කෙරෙන්නේ තරුණ සහ මහලු යන දෙපාර්ශවයේ ම ප්‍රතිශක්තිය මීට ප්‍රතිචාර දක්වා ඇති බවයි.

එමෙන්ම, මෙම එන්නත ලබා දිම සඳහා නුසුදුසු පුද්ගලයන් ද සිටිය හැකිය. උදාහරණයක් ලෙස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල පුද්ගලයන්ට මෙම එන්නත ලබා දිය නොහැකිය.

දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවේ ද?

ඖෂධ කිසිවක් 100%ක් සුරක්ෂිත නොවේ. අප ලබා ගන්නා පැරසිටමෝල් පෙත්තේ ද අවදානමක් පවතී.

මෙතෙක් ලැබී ඇති දත්ත අනුව අනුව පෙනී යන්නේ 43,500ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීමේ දී, සුළු අතුරු බලපෑම් වාර්තා වුව ද කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු නොවූ බවයි.

යම් හෙයකින් භයානක, පොදු ප්‍රතිවිපාක වූයේ නම්, ඒවා දෘශ්‍යමාන විය යුතුව තිබුණි.

කෙසේ නමුත්, මිලියන ගණනක් ජනතාවට මෙම එන්නත ලබා දීමේ දී විරල අතුරු ආබාධ වාර්තා විය හැකිය.

දැන් ලොක්ඩවුන් අවශ්‍ය නොවේ ද?

ඉදිරියේ දී ලොක්ඩවුන් අවැසි නොවිය හැකිය. නමුත් එය නිශ්චිත වීමට යම් කාලයක් ගත වනු ඇත.

ප්‍රමාණවත් පිරිසක් එන්නත ලබා ගෙන ඇත්නම් වෛරසය ව්‍යාප්ත වීම පාලනය වනු ඇත. එවිට වෛරසය පාලනය කිරීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග සඳහා යොමු වීම අවශ්‍ය නොවේ.

නමුත් සැබෑ අභියෝගය වන්නේ පවතින තත්ත්වයේ සිට එම අදියර දක්වා ගමන් කිරීමයි.

Lanka Talents Creation

“Lanka Talents exists to enlighten and empower professionals from all corners of Sri Lanka".

Recent Posts

Detaylı Rokubet Casino İncelemesi: Özellikler, Avantajlar & UX

Detaylı Rokubet Casino İncelemesi: Özellikler, Avantajlar & UX Online oyun sektörü, dijital dünyada yükselen kategorilerden biri olarak son yıllarda istikrarlı…

1 day ago

Pinco Casino’ta Çevrimiçi Kumarhane Deneyimini Çekin: Çevrimiçi Giriş Yap

Pinco Casino'ta Çevrimiçi Kumarhane Deneyimini Çekin: Çevrimiçi Giriş Yap Contents Pinco Casino'ta Çevrimiçi Kumarhane: Nasıl Giriş Yapılır? Çevrimiçi Giriş Yaparak…

1 day ago

Experience Thrilling JetX Gambling Game in English – Play Online in Nigeria Now!

Experience Thrilling JetX Gambling Game in English - Play Online in Nigeria Now! Table Of Contents JetX: The Ultimate Online…

1 day ago

Experience Betify Casino: Play Your Favorite Games in English, Now Available in Canada

Experience Betify Casino: Play Your Favorite Games in English, Now Available in Canada Table Discover Betify Casino: A New Gaming…

1 day ago

Experience Pinco Casino on the Go: Mobile Login and Download for English-Speaking Canadian Players

Experience Pinco Casino on the Go: Mobile Login and Download for English-Speaking Canadian Players Contents Pinco Casino Go: A Comprehensive…

1 day ago

Pinco Onlayn Kazino: Azerbaycanda Oynamaq

Pinco Onlayn Kazino: Azerbaycanda Oynamaq Table Of Contents Pinco Onlayn Kazino: Azerbaycanda Saxlıbaçar Oyunlar Azərbaycanda Pinco Onlayn Kazino: Tarifləndirici Məlumatlar…

1 day ago